උබුන්ටු වලදී Media Playerලබා ගැනීම සදහා ක්‍රම දෙකක් භාවිත වේ.
මම ඉස්සෙල්ලම කියලා දෙන්නම් කොහොමද Terminal Code හරහා Media Player ලබා ගන්නේ කියලා. ඔයාලත් කැමැතියි නේද සියලු Codec Pack අඩංගු Player එකක් අරන් සියලුම Audio, Video Format Support කරන විදියේ එකකට. ඒකට හොදම Player එක තමයි VLC Media Player එක.
හරි දැන් වැඩේ පටන් ගමු .
ඉස්සෙල්ලම අපේ උබුන්ටු වල තියන Terminal එක Open කර ගන්න.
(මෙන්න ෂෝට් කට් එක CTRL+ALT+T)
ඊට පස්සේ Terminal එකට පහල තියන Code එක Copy කරලා Past කරන්න.
sudo apt-get install vlc vlc-plugin-pulse mozilla-plugin-vlc
Enter කරාට පස්සේ ඔයාලගේ Password එක ඉල්ලයි. ඒක දෙන්න. (සාමාන්‍යයෙන් Terminal එකේ Password වැනි රහසිගත දේවල් Type කරන කොට Display වෙන්නේ නැහැ. නමුත් Password එක හරියට Type කරන්න ඕනේ )
මේ අවස්ථාවේදී ඔබේ Internet එක Connect කරල තියන්න ඕනේ. මේ Player එක install වෙන්නේ online. install වෙලා ඉවර උනාම මෙන්න මේ වගේ තියෙයි...


Sign up here with your email
2 අදහස්
Write අදහස්Isthuthiy Chandi aiye..
ReplyMamath hoya hoya hitiya ekak...
Thawa posts daanna honde..
Ok malli... thanx cmmnt 2 me
Reply