මම Windows 8.1 අලුතින්ම මගේ ලැපට දාගෙන සතියක් විතර හොදට වැඩ කළා. මට මතක විදියට මම මුකුත් අනව්‍යශ්‍ය සොෆ්ට්වෙයාර් දැම්මෙත් නෑ.
එක දවසක් ලැප ON කරද්දි Search Button එකේ තියන Lence Symbol එක, ඒ වගේම Start menu එකේ පහලට යන්න තියෙන Arrow එක වෙනස් වෙලා මොකක්දෝ කොටු සලකුණක් ඇවිත්,
හරියට මෙන්න මේ වගේ
ඉස්සෙල්ලම Windows 8.1 දැම්ම නිසා මේ OS එකේ තියෙන්නේ මෙහෙම ද දන්නෙත් නෑනේ කියලා ටික දවසක් හිටියා.
දවසක් යාලුවෙක්ගේ Windows 8.1 දාපු ලැපක වැඩ කරද්දි මෙන්න බොලේ ඒකේ හරියට Symbol ටික තියෙනවා. මම ටිකක් නෙට් එකේ Searchකළා. ඒත් හරියට පිළිතුරක් හොයා ගන්න බැරි වුණා
Forum එකක Comment එකක කෙනෙක් මෙන්න මේ ෆොන්ට් එක මිසින් උනාම මෙහෙම වෙනවා කියලා ඉගියක් කරලා තිබ්බා. මම මේක දිගේ ගිහින් බැලුවම මෙන්න මේ ෆොන්ට් එක තමයි මිසින් වෙලා තියෙන්නේ කියලා හොයා ගත්තා.
"Segoe UI Symbol" Font in Windows 8.1
Font Name - "seguisym.ttf"
එහෙනම් ජය වේවා..
Sign up here with your email