උබුන්ටු පාටිෂන් කරන හැටි

උබුන්ටු ඉන්ස්ටෝල් කරන හැටි අපේ යාලුවන්ට අමුතුවෙන් කියලා දෙන්න ‍ඕනේ නෑනේ. ඒත් සමහර උබුන්ටු වලට අලුත් යාලුවෝ මේක ගැන දන්නේ නැතිව ඇති. අපිට කිසිම අවුලක් නැතිව උබුන්ටු සාමාන්‍ය විදියට දාගන්න පුලුවන් උනත් අපිට ඇනෙන තැනක් තමයි. පාටිෂන් කරන තැන. අද මම කියලා දෙ‍න්නේ කොහොමද ඇන ගන්නේ නැතිව උබුන්ටු පාටිෂන් කරන්නේ කියලා.

සාමාන්‍ය විදියට උබුන්ටු CD එක දාලා Boot කරලා Language, Keyboard Layout තෝරලා User Name, Password එහෙම තෝරලා දිගටම යද්දි එනවා මෙන්න මෙහෙම Dialog Box එකක්,




මේකේ අන්තිමට තියනවා Specify partitions manually (Advanced) කියලා Radio Button එකක්. ඒක Click කරලා Forward කරන්න.

ඊට පස්සේ එනවා Manual Hard disk Partition කරන්න Dialog Box එකක්, ඒකෙන් එක Partition එකක් තෝරාගෙන Double Click කළාම, මෙන්න මේ විදියට එනවා


අන්න ඒ Dialog Box එකේ තියනවා උබුන්ටු Partition කරන Format ටික අලුත්ම Format වර්ගය තමයි ext4 කියන්නේ (ඒවා ගැන පස්සේ කථා කරමු) ඒකෙන් ext4 Select කරලා Mount point 1 "/" විදියට සකස් කරලා OK කරන්න.

ඊළගට තියෙන්නේ SWAP Patition එක හදන්න (SWAP කියන එක පස්සේ කථා කරමු). SWAP එකට ඔයාලගේ RAM එක වගේ දෙගුණයක් තියන්න ඕ‍නේ. ඒ කියන්නේ 1GB එකක් නම් 2048 MB SWAP එකට තියන්න ඕනේ.




ඔන්න ඊට පස්සේ මේ විදියට ඔයාලගේ පාටිෂන් ටික හදලා ඉවරයි. ඊළගට ඉතින් සාමාන්‍ය විදියට කරගෙන ඉදිරියට යන්න තියෙන්නේ....
Previous
Next Post »

3 අදහස්

Write අදහස්
Unknown
AUTHOR
November 7, 2010 at 10:29 PM delete

එළකිරි ම‍ටත් මේක කමා දැන ගන්න ඕන වෙලා තිබුණේ... තව දාපං අපි බලනවා...

Reply
avatar
ABCD
AUTHOR
December 4, 2010 at 5:40 AM delete

Hmm Elama kiri..

Aiye, Thawa post ekak liyamuda Linux wala wada kaali gana

Reply
avatar